ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැදී සිටින බවයි.
ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සදහා මෙම ධූරය භාරගත් බවත් ඉන් නිදහස් කරන ලෙස මීට දින කිහිපයකට පෙර බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියා.
ඊට ප්රතිචාර ලෙස තවදුරටත් සභාපති ධුරයේ රැදී සිටින ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉවත් වන බවයි අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේ.
දශක 03 කට අධික කාලයක් රාජ්ය හා පෞද්ගලික අංශයේ තනතුරු රැසක් දැරූ ඔහු කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වනවා.
ශ්රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා ද වන අර්ජුන හේරත් දේශීය මෙන්ම, විදේශීය ආයතන රැසක තනතුරු හොබවනු ලැබුවා.








