අම්බුළුවාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව අනුව මතභේදාත්මක ගනුදෙනු සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
මෙම අම්බුළුවාව ව්‍යාපෘතිය සැක සහිත අවිධිමත් ව්‍යාපෘතියක් බවට විගණකාධිපතිවරයා පෙන්වාදී ඇති බවත් අමාත්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේය.
රුපියල් බිලියන 1.2ක කේබල් කාර් ව්‍යාපෘතියක් කිරීමටත් එය ඉදිකර පවත්වා ගෙන යෑමට වෙනම සමාගමකට ලබාදීමටත් ප්‍රසම්පාදන මණ්ඩලය රැස්වී දින 6ක් ඇතුළත ලියාපදිංචි කළ සමාගමක් සමඟ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් වසර තුළ රුපියල් මිලියන 93.15ක් හා රුපියල් මිලියන 250ක ඇස්තමේන්තු මුදලින් සියයට 37ක මුදලක් වැයකර ඇත. එය කුමන කාරණයට ද යන්න සඳහන්ව නොමැති බව ද අමාත්‍ය දම්මික පටබැඳි මහතා හෙළි කළේය.
එම කටයුතු විගණනයට ලක් නොවී ඇති බවද හෙළිවී ඇත. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
Òඅම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනමා ඇති සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සහ අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් අතර පවතින සමීප ඥාති සබඳතා පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. අම්බුළුවාව භාරකාර මණ්ඩලය පුද්ගලයන් හත් දෙනකුගෙන් සමන්විත වේ. එහි සභාපති ලෙස අනුරාධ ජයරත්න මහතා කටයුතු කරන අතර, සෙසු සාමාජිකයන් ලෙස ඉන්දික ප්‍රසාද්, බොඩමුන්න ගෙදර චන්ද්‍රරත්න, සීවන් ඥානසේකර, වජිරඥාන හිමි, අසාත් සාලි සහ ජේ.එම්. සේනායක බණ්ඩාර යන අය කටයුතු කරනවා.
මෙම කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනමා ඇත්තේ ‘ඇඹර් ඇඩ්වෙන්චර්“ නම් සමාගමට වන අතර එය 2023 ජුනි මස 16 වන දින ලියාපදිංචි කර ඇත. එහි ආරම්භක අධ්යක්ෂ මණ්ඩලයේ හුවාන් යුජින්, සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න යන අය සිටින බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය පිරිනැමීමේදී බරපතළ ලෙස ඥාතී සංග්‍රහයක් සිදුව තිබේ. අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳ වන ජයසේකර මුහන්දිරම්ලාගේ සේනානායක බණ්ඩාර මහත්මිය අදාළ සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරයි. එමෙන්ම භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු වන සුභසිංහ මුදලිගේ සුරේෂ් ශ්‍රීපාල සුභසිංහ යන අය සභාපතිවරයාගේ සහෝදරියගේ සැමියා බව ද හෙළි වී තිබේ.
මෙම ව්‍යාපෘතිය චීන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන්න ද, එහි කොටස් හිමිකාරීත්වය දෙස බැලීමේදී ඒ පිළිබඳව සැකයක් මතු වන බව සඳහන් වේ. සමාගමේ කොටස් 36ක් හිමි හුවාන් යුජින් (Huan Yujin) යන අයට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා,
“අම්බුළුවාව යට වුණු නිසා ගම්පොළ නාය ගියා කියලා ඇතැම් අය කියනවා. අම්බුළුවාව කියන්නේ එක පැත්තකින් ගත්තම කෑගල්ල, අනිත් පැත්ත දොළොස්බාගේ, අනිත් පැත්ත ගම්පොළ නගරේ විශාල කන්දක්. අම්බුළුවාව භාරකාර මණ්ඩලය කියන්නේ හෙක්ටයාර් 112ක භූමියක්. ඔය කියන හෙක්ටයාර් 112ම දවස් හතක් යනකොට සියල්ල විවෘත කළා.
අම්බුළුවාව හින්දා මුළු ගම්පොළම යට වුණා කියලා මතවාදයක් හදන්න යනවා. නායයෑම් අවදානමත් එක්ක මේ කේබල් කාර් ව්‍යාපෘති සියල්ල අවසන් වෙනවා කියලා ඊයේ කිවුවා.
2022දී ඩොලර් මිලියන 12.75 එනවා. මම මූලික වුණා. ඒ ආයෝජනයෙන් ඩොලර් මිලියන 3.5ක් මේ වෙනකොට රටට ගෙනත් තිබෙනවා.
මගේ පවුලේ අය මේකට සම්බන්ධ වුණා කියලා හංවඩු ගහනවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා ඔය ආර්.ඕ.අයි. ව්‍යාපෘතිවලට පුළුවන් නම් ආයෝජකයෙක් ගේන්න.පුළුවන් නම් එක ආයෝජකයෙක් ගෙනල්ලා ඔය කේබල් කාර් ව්‍යාපෘතිය පටන් ගන්න.”
ස්වර්ණා විජේකෝන් හා මහින්ද අලුත්ගෙදර








