රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඊයේ (21) උදෑසන 8.00 ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (22) උදෑසන 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදු කළ නීතිවිරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සතියක කාලයක් ඇතුළත සංගමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාළ තීරණය ගන්නා බවට එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ද කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට එකඟතාව පළ කර ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.








