දෙවැනි පාසල් වාරය අද ඇර­ඹෙයි

සිංහල හා දෙමළ පාස­ල්වල පළමු පාසල් වාරයේ පළමු අදි­යරේ නිවා­ඩුව අව­සන්ව දෙවැනි අදි­යර අද (21) ආරම්භ වන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. පළමු පාසල් වාරයේ දෙවැනි අදි­යර අද (21) සිට පෙබ­ර­වාරි 13 වැනිදා දක්වා ක්‍රියා­වට නංවයි. දිට්වා සුළි කුණා­ටුව නිසා අත­ර­මඟ නතර කළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය නැවත පැවැ­ත්වීම පසු­ගිය 12 වැනිදා ආරම්භ කළ අතර එම විභා­ගය ඊයෙන් (20) අව­සන් විය. එම විභා­ගය පැවැ­ත්වීම නිසා පසු­ගිය දින­යන්හි පාස­ල්ව­ලට නිවාඩු ලබා­දීම සිදු කෙරිණි.

පළමු පාසල් වාරය අදි­යර තුන­කට පැවැ­ත්වී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සැල­සුම් කර ඇති අතර පළමු පාසල් වාරයේ තෙවැනි අදි­යර මාර්තු 03 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැ­ත්වී­මට සැල­සුම් කර තිබේ.

සන්ධ්‍යා කරු­ණා­රත්න