ගෝලීය ආර්ථිකය තුළ දිගුකාලීන මූල්‍ය තිරසාරත්වය ළඟා කර ගැනීමට සහ ස්ථාවරව පවත්වා ගැනීමට ඇති ප්‍රධානතම ගාමක බලවේගය වන්නේ ඩිජිටල් පරිවර්තනය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් පරිවර්තනය හුදු විකල්පයක් හෝ යාවත්කාලීන කිරීමක් ලෙස පමණක් සැලකුවහොත් තාක්ෂණයෙන් ඈත්වීමේ අවදානමකට අප ලක්වන බවයි.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ජාතික බැංකු හා මූල්‍ය සංස්ථාවේ සමාරම්භක උත්සවය කොළඹදී පැවැත්වුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ඔහු මෙසේද පැවසුවා,
”ඉදිරි දශක කිහිපය තුළ බැංකුවලින් අපේක්ෂා කරන්නේ ලාභ ඉපයීම පමණක් නොව, අරමුණක් සහිතව කටයුතු කිරීම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාවට හා සමාජ යහපැවැත්මට දායක වීමයි. තිරසාර මූල්‍යකරණය සඳහා වූ මධ්‍යස්ථානය හරහා අප මේ සඳහා නායකත්වය ලබාදෙනු ඇති බවයි මම
සිතනවා. මෙම වටපිටාව තුළ ඇතමුන් ඩිජිටල් පරිවර්තනය සහ තිරසාරත්වය යනු එකිනෙකට වෙනස් වැඩපිළිවෙලවල් දෙකක් ලෙස අර්ථ ගන්වනු ලබනවා.
නමුත් යථාර්ථය නම්, මේ දෙකම එකිනෙකට ගැඹුරින් සම්බන්ධ වී තිබීමයි. නවෝත්පාදන වැළඳ ගන්නා අතරතුර මූල්‍යමය වශයෙන් තිරසාරව සිටින්නේ කෙසේද යන ප්රශ්නය ගැන විමසා බැලුවොත් මේ සඳහා පිළිතුර අන්තර්ගත වන්නේ ඩිජිටල් පරිවර්තනය තුළයි. මෙය සාමාන්‍ය කියමනක් පමණක් නොව, මූල්‍ය සෞඛ්‍යයට සහ දිගුකාලීන තිරසාරත්වයට සෘජුවම බලපාන උපායමාර්ගික්.
එබැවින්, ඩිජිටල් පරිවර්තනය තවත් එක් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පමණක් සැලකිය නොහැකියි. එය මූල්‍ය උපායමාර්ගයක්. එය ගෝලීය ආර්ථිකය තුළ දිගුකාලීන මූල්‍ය තිරසාරත්වය ළඟා කර ගැනීමට සහ ස්ථාවරව පවත්වා ගැනීමට ඇති ප්‍රධානතම ගාමක බලවේගයයි.
අපි ඩිජිටල් පරිවර්තනය හුදු විකල්පයක් හෝ යාවත්කාලීන කිරීමක් ලෙස පමණක් සැලකුවහොත් අප තාක්ෂණයෙන් ඈත් වීමේ අවදානමකට ලක්වනවා.
එබැවින් එය ඉදිරියට යන ගමනේදී තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ මූලික හරයක් බව අප පිළිගත යුතුයි.”








