අධ්‍යා­පන ප්‍රතිසංස්කරණ ගැන අද­ විවාදයක්­ දෙන්න

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සම්බන්ධ විවා­ද­යක් හැකි­නම් අද(21) දින­යේදී පව­ත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ආණ්ඩු පක්ෂ­යට අභි­යෝග කළේය. අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යට එරෙ­හිව විප­ක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වා­ස­භංග යෝජ­නාව නිසි ලෙස, නිසි කලට නිය­මිත අත්සන් සමඟ ඉදි­රි­පත් කරන බවත් හැකි­නම් දින තුනක අධ්‍යා­පන විවා­දය අදම (21) ආරම්භ කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ විශ්වා­ස­භංග යෝජ­නාව මෙතෙක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් නොකි­රීම සම්බ­න්ධ­යෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැ­ති­ව­රුන් සිදු­කළ අද­හස් දැක්වී­ම්ව­ලට සිය ප්‍රති­චා­රය දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ විප­ක්ෂය ඕනෑම විවා­ද­ය­කට සූදා­නම් බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ විශ්වා­ස­භං­ග­යක් ගෙන ආ යුතු, ඉදි­රි­පත් කළ යුතු ක්‍රියා­ව­ලි­යක් සහ අනු­ග­ම­නය කළ යුතු කාර්ය­ප­ටි­පා­ටිය ගැන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සඳ­හන් බවයි. ආණ්ඩුව කියන වේලා­ව­න්ව­ලට නොව විප­ක්ෂ­යට අවශ්‍ය වේලා­වට විශ්වා­ස­භංග ගෙන එන බවද හෙතෙම පැව­සීය.

විශ්වා­ස­භංග යෝජ­නාව නිසි ලෙස, නිසි කලට නිය­මිත අත්සන් සමඟ ඉදි­රි­පත් කරන බවත් පුළු­වන් නම් දින 3ක අධ්‍යා­පන විවා­දය හෙටම ආරම්භ කරන ලෙසත් නලින්ද ජය­තිස්ස අමා­ත්‍ය­ව­රයා ප්‍රමුඛ රජ­යට අභි­යෝ­ගය කරන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

දිට්වා සුළි කුණා­ටුව ගැන රජයේ අකා­ර්ය­ක්ෂ­ම­තාව ගැන විවා­ද­යට සහ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරීම ගැන විවා­ද­ය­ටත් විප­ක්ෂය සූදා­නම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර