මුඩු ඉඩ­ම්ව­ලට චීන ව්‍යාපෘති

ශ්‍රී ලංකාවේ දැනට භාවි­ත­යට නොගන්නා ඉඩ­ම්වල ආයෝ­ජන ව්‍යාපෘති ආරම්භ කිරී­මට චීනයේ අව­ධා­නය යොමුව ඇත.

ඉඩම් කොම­සා­රිස් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව සහ මහ­වැලි අධි­කා­රි­යට අයත් දැනට භාවි­ත­යට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනී­මට අව­ධා­නය යොමු වී ඇත.

එවැනි ඉඩ­ම්වල විශාල ප්‍රමා­ණයේ කිරි නිෂ්පා­දන ගොවි­පොළ සහ අප­න­ය­නය ඉලක්ක කර ගත් එළ­වළු, පල­තුරු ආදි කෘෂි නිෂ්පා­දන සිදු කිරීම ඔවුන්ගේ අර­මුණ වී ඇත.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන වාණිජ මණ්ඩ­ලයේ නියෝ­ජිත පිරි­සක් අතර මේ සම්බ­න්ධ­යෙන් සාක­ච්ඡා­වක් පසු­ගි­යදා කාෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවති අතර එහි දී මේ පිළි­බඳ වන නිශ්චිත යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කෙරිණි. චීන නියෝ­ජිත පිරිස මේ යෝජ­නා­ව­ලිය ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වෙතද ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා තිබේ.

මේ යෝජ­නා­ව­ලිය ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­යෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා මේ අව­ස්ථා­වේදී චීන නියෝ­ජිත පිරිස වෙත සිය ප්‍රසා­දය පළ කර සිටි­යේය.

බුද්ධිකා ඉඹු­ලාන