සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අවසන්ව දෙවැනි අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද (21) සිට පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාවට නංවයි. දිට්වා සුළි කුණාටුව නිසා අතරමඟ නතර කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත පැවැත්වීම පසුගිය 12 වැනිදා ආරම්භ කළ අතර එම විභාගය ඊයෙන් (20) අවසන් විය. එම විභාගය පැවැත්වීම නිසා පසුගිය දිනයන්හි පාසල්වලට නිවාඩු ලබාදීම සිදු කෙරිණි.
පළමු පාසල් වාරය අදියර තුනකට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර පළමු පාසල් වාරයේ තෙවැනි අදියර මාර්තු 03 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සන්ධ්‍යා කරුණාරත්න








