වතු කම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 200 ක දෛනික පැමිණීමේ දිරි දීමනාව, ජනවාරි 01 සිට මාස 06 ක් වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, පසුව එය පෞද්ගලික ගිණුම් වෙත බැර කිරීම සඳහාත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබාදීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550/- දක්වා වැඩි කිරීමට සහ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200 ක් ඔවුන්ට ගෙවීමට ජනාධිපතිතුමා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කර තිබුණා.
රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලසීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.
එම ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ දිරි දීමනාව වතු කම්කරුවන් වෙත ගෙවීම පිණිස කම්කරු අමාත්‍යතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.









