පාර්ලිමේන්තුව අද (20) දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා 2025.12.15 දිනැති අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්රය මඟින් ප්රකාශයට පත් කරන ලද, 2002 අංක 24 දරන සුබසාධක ප්රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේදී අසනු ලබන ප්රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








