වර්ෂ 2016 ජනවාරි 01 දිනෙන් පසුව බඳවා ගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඉහත දිනයෙන් පසු රාජ්‍ය සේවයේ පත්වීම්ලාභීන් හට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර, අදාළ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප සම්බන්ධ කොන්දේසිය සංශෝධනය කිරීම සඳහා 2026 අයවැය මඟින් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.
2016 ජනවාරි 01 දිනෙන් පසුව රාජ්‍ය සේවයට බඳවා ගත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය : ‘මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිත ය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු ය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු ය.’ යන වශයෙන් සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.









