ස්විට්සර්ලන්තයේ ඩාවොස් ක්ලෝස්ටර්ස් හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වැනි වාර්ෂික රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසව එරට Zurich ගුවන්තොටුපලේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය විසින් පිළිගනු ලැබීය.
ඊයේ (19) සිට ආරම්භ වු මේ රැස්වීම ‘A Spirit of Dialogue’ තේමාවෙන් මේ 23 දා දක්වා දින 5ක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් ප්රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තාක්ෂණ නවෝත්පාදකයන් ඇතුළු ගෝලීය නායකයන් 3,000කට අධික සංඛ්‍යාවක් මෙයට සහභාගී වේ.
මෙම සංචාරය අතරතුර, අගමැතිවරිය සහ ජාත්‍යන්තර නායකයන්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය.








