නන්දන ගුණතිලක මහතාගේ රෝගය ගැන මීට පෙර තමන් දැනුවත්ව සිටියා නම් ඒ මහතා වෙනුවෙන් මීට වඩා විශාල මැදිහත්වීමක් සිදු කිරීමට හැකියාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ (19) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. දේහය ඉදිරිපිට දේශපාලනය කතා කිරීම සුදුසු නොවන බවත් අප සියලු දෙනාම කටයුතු කළ යුත්තේ ජීවිත බේරා ගැනීමට බවත් හෙතෙම කීවේය. නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කනගාටුවට සහ ශෝකයට පත් වන බව පැවැසූ විපක්ෂ නායකවරයා අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් ලෙස ඒ මහතා ජනතා සේවාවාව වෙනුවෙන් කටයුතු කළ බව පැවසීය. ඒ මහතාට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්ට තමා ස්තුතිවන්ත වන බවත් කවුරු කුමන තරාතිරමක දේශපාලන පක්ෂයක අයකු වුවත් කුමන කතාවක් කිවුවත් මිනිස් ජීවිත වටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත








