වවුනියාවේ මහමයිලන්කුලම වැවේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

වවුනියාවේ මහමයිලන්කුලම වැවේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව කෝවිල්කුලමේ පදිංචි අවුරුදු 18ක් වූ සිසුවෙක්.

අපොස උසස් පෙළ විභාගය නිම කළ සිසුන් තුන් දෙනෙකු සමග උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන මේ සිසුවා විනෝදයට දිය නෑම පිණිස වැවට බැස ජල ක්‍රීඩා කරමින් සිටියදී ඔහු වැවේ ගිලී තිබෙනවා.

සිය මිතුරා දියේ ගිලීමෙන් පසුව අනෙක් පිරිස මොහුව බේරා ගෙන ගොඩට රැගෙන විත් රෝහල්ගත කොට ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මඩුකන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන ගොස් සාක්කි මෙහෙයැවීමෙන් පසුව මළ සිරුර ඥාතීන්වෙත බාර දීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.