අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඊයේ (19) පැවසීය. ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය කලනි වෙලෝසා සහ සහකාර කථිකාචාර්ය නිපුනි සමරසිංහ දෙපළගේ ද වැඩ තහනම් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. රංජිත් ආරියරත්න මූලික විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පාලක සභාව සාකච්ඡා පවත්වා තිබේ.








