මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151 වැනි වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද (20) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.
මෙම විශේෂ රථවාහන සැලැස්ම අද (20) දින පස්වරු 04.00 සිට පසුදින (21) අලුයම 01.00 දක්වා ක්‍රියාත්මක වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පෙරහැර මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ගමන් ආරම්භ කර, පරණ ගාලු පාර, ශාන්ත පීතර් පටුමඟ, නව ගාලු පාර, මොරටුව බස් නැවතුම්පොළ, වීර පුරන් අප්පු රජ මාවත, ජෝශප් මාර්ගය හරහා කුරුස හන්දියට පැමිණ, නැවත පරණ ගාලු මාර්ගය හරහා දේවස්ථානයට පැමිණීමට නියමිත අතර, පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඇතිවිය හැකි මාර්ග අවහිරතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම ප්‍රදේශය හරහා ගමන් කරන රියදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ.
විකල්ප මාර්ග ඇතුළත් අදාළ නිවේදනය පහතින්.









