තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලික ව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලු ම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළ ව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලු ම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.








