2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය 38.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නාගරික අංශය 52.1% ක් ලෙස ඉහළ ම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය 36.6% ක් සහ වතු අංශය 18.6% ක් ලෙස සමීක්ෂණයෙන් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එසේ ම 2025 වසරේ මුල් භාගයේදී පිරිමින් අතර පරිගණක සාක්ෂරතාව 39.9 ක් සහ කාන්තාවන් අතර 37.1 ක් ලෙස ද දැක්වෙන බවයි සඳහන් වන්නේ.
අධ්‍යාපන මට්ටම් ඩිජිටල් කුසලතා සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර, උසස් පෙළ හෝ ඊට වැඩි සාමාන්‍ය සහතික පත්‍රය දක්වා අධ්‍යාපනය ලැබූ අය පරිගණක සාක්ෂරතා අනුපාතය 78.6 ක් ලෙස වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ වාර්තාව පහතින්.









