ජන­පති දුන් පොරොන්දු 30න් 10ක් ඉටු කර අවසන්

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා දුන් ප්‍රධාන මැති­ව­රණ පොරොන්දු 30න් 10ක් පසු­ගිය නොවැ­ම්බර් මාසය වන විට ඉටු කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආය­ත­නය නිකුත් කළ නව­තම වාර්තා­වක සඳ­හන් වේ.

එමෙන්ම තවත් පොරොන්දු 10ක් ඉටු කිරීමේ කට­යුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද එහි දැක්වේ.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සඳ­හන් පොරොන්දු ක්‍රියා­ත්මක වන ආකා­රය නිරී­ක්ෂ­ණය කිරී­මට වෙරිටේ රිසර්ච් ආය­ත­නය හඳුන්වා දුන් ‘අනුර මීට­රය’ (Anura Meter) නමැති ප්‍රගති නිරී­ක්ෂ­ණයේ යාව­ත්කා­ලීන දත්ත මඟින් මේ බව අනා­ව­ර­ණය වී ඇත.

මේ නිරී­ක්ෂණ මෙව­ල­මෙන් ජනා­ධි­ප­ති­ව­රයා සිය ප්‍රති­පත්ති ප්‍රකා­ශය හරහා දී ඇති ප්‍රධාන පොරොන්දු 30ක් පිළි­බ­ඳව විම­ර්ශ­නය කරනු ලබයි.

කෙසේ නමුත් අදාළ වාර්තා­වට අනුව ඉතිරි පොරොන්දු 10න් පොරොන්දු 9ක කිසිදු ප්‍රග­ති­යක් නොවැ­ම්බර් මාසය වන විට පෙන්නුම් කර නොමැති අතර, එක් පොරො­න්දු­වක් ඉටු කිරී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාට නොහැකි වී ඇති බවද වෙරිටේ රිසර්ච් ආය­ත­නය විසින් නිකුත් කළ වාර්තාව පෙන්වා දෙයි.

මෙහි විශේ­ෂ­ත්වය වන්නේ නිරී­ක්ෂ­ණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම මහ­ජ­න­තා­ව­ගෙන් ලැබුණු ප්‍රති­චාර සැල­කි­ල්ලට ගනි­මින් තෝරා­ගෙන තිබී­මයි. මේ සම්පූර්ණ විශ්ලේ­ෂ­ණය සිදු කර ඇත්තේ දිට්වා සුළි කුණා­ටුව මෙර­ටට කඩා වැදී­මට පෙර බව වෙරිටේ රිසර්ච් ආය­ත­නය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

චමීර ඇල්ල­දෙ­ණිය