මෙරටට ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් 1500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වරායේ ගුදම්වල සිරව ඇති බවට වාර්තා වනවා.
පැවති ලුණු හිඟයට විසඳුමක් ලෙස පසුගිය වසරේදී රජය විසින් ලුණු ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමට කටයුතු කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ඒවා පසුගිය ජුනි 10 වනදාට පෙර මෙරටට ආනයනය කළ යුතු බවයි.
කෙසේ වෙතත්, එදිනට පසුව ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් මෙලෙස වරායේ සිරව ඇති බවයි අප කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ.








