දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවාගැනීමේ පටිපාටිය පිළිබඳ ගැටලු‍වට බලධාරීන් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 23 වැනිදායින් පසු ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව මීට අදාළ නිරීක්‍ෂණ සහ නිර්දේශ මීට මාස 04 කට පෙර යොමුකර තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොකිරීමෙන් ස්ථානාධිපති සේවය අර්බුදයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිසමේ උපදේශයට පටහැණිව කාන්තා දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට අදාළ කරුණු ද මෙම පටිපාටියට ඇතුළත් කළ යුතු බව සඳහන් කරමින් නව සංශෝධන යැවීම බලධාරින් විසින් ප්‍රමාද කරමින් සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.