ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) විසින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) විසුරුවා හැරීමට තීරණය කර ඇති බව ජපාන මාධ්‍ය අද (19) වාර්තා කරනවා.
ඒ අනුව, එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සැසිවාරය ආරම්භයේදීම සභාව විසුරුවා හැරීමට නියමිත බවයි සඳහන්.
අනතුරුව එළඹෙන පෙබරවාරි මස 08 වනදා හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය සැලසුම් කර ඇති බවද විදේශ වාර්තා සඳහන් කරනවා.
මේ වසරේ ජපාන දේශපාලන ගමන්මග තීරණය කරන තීරණාත්මක මැතිවරණයක් ලෙස මෙය සැලකෙන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.








