Lanka Ride අවසන් දින අනුරපුරෙන් ඇරඹෙයි

ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය අනුග්‍රහ‍යෙන්, ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් අනුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානයෙන් ඇරඹි Lanka Ride පාපැදි සවාරියේ අවසන් දිනය අදයි.

ඒ අනුව අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අසලින් තරගය අද [18] ආරම්භ විය.

එහිදි ඔතප්පුව හංදියට පැමිණ විල්පත්තුව හංදිය, තබ්බෝව වැව, පුත්තලම යුද හමුදා කඳවුර වට රවුමෙන් හලාවත පාර ඔස්සේ මඳුරන්කුලිය පොලීසිය අසලින්, බංගදෙණිය, හලාවත, මාරවිල, තෝප්පුව හංදිය, පෙරියමුල්ල, කටුනායක 17 කණුව පසුකොට ජා-ඇළ පොලීසිය අසලින් වත්තල, නවලෝක වටරවුම, ජපන් පාලම, ඉඟුරුකඩේ හංදියෙන් දකුණට හැරී ආමර්වීදිය, පංචිකාවත්ත, මරදාන ගුවන් පාලම පසුකොට ලේක්හවුස් ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය, ගෝල්ෆේස්, ලිබර්ටි වටරවුම, මහජන පුස්තකාලය, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා කිලෝමීටර් 208.6ක දුරකින් නිමාවට පත් විමට නියමිතය.

 ඊයේ [17] දෙවන දිනයෙ නිමාවේ ජයග්‍රහාකයින් ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු (අංක 193) මහතාට ජය සංකේත ප්‍රදානය සිදු විය.

හොඳම  කඳු නගින්නා සහ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ ඒ.ඩී.එස් පෙරේරා (අංක 195) මහතාට ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.

​වයස අවුරුදු 23 න් පහළ හොඳම තරුණ පාපැදි ක්‍රීඩකයා ලෙස ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද ක්‍රීඩකයාට ජය සංකේත ප්‍රදානය කෙරුණි.

​සිව්වන ස්ථානය දිනාගත් දෙහිවල නගර සභා කණ්ඩායමේ සුරංග රණවීර (අංක 142) ප්‍රදානය සිදු කෙරුණි.