හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධියට අදාල ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි ඊයේ (17) නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කලුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙක්.
මෙම අනතුර පෙරේදා (16) උදෑසන 6.30ට පමණ බියගම ප්‍රදේශයේ සිදුව තිබූ අතර, එම අනතුරින් තුවාල ලැබූ අසෝක රන්වලගේ බිරිඳ වන වෛද්‍යවරියක් මේ වන විට කොළඹ ජාතිත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කරනවා.
කැලණිය බියගම මහා මාර්ගයේ මෙම වෛද්‍යවරිය පැදවු මෝටර් රථය මාර්ගයට අවතීර්ණ කිරීමට යන අවස්ථාවේ කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එහි ගැටී තිබුණා.
මෙහි රියැදුරු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු වන අතර ඔහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සංගීත වැඩ සටහනකට සහභාගි වී සිය මිතුරකු ඇරලවීම සදහා එමින් සිටියදී මේ අනතුරට මුහුණ පා තිබුණා.
මෙම සැකකාර රියැදුරා මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරීමේදී තහවුරු වූ බව පොලිසිය පවසනවා.
මෙහිදි අගතියට පත් වෛද්‍යවරිය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න සහ සැකකාර රියැදුරු වෙනුවෙන් නීතීඥ බියන්කා ජයසුරිය අධිකරණය හමුවේ පෙනි සිටියා.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහගේ උපදෙස් අනුව එහි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්. පී. ප්‍රසන්න, පොලිස් සැරයන්වරුන් වන උපාලි (34895) සහ දිසානායක (29801) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත (35328) විසින් රියදුරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.








