විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් ගමන් මලු 03 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 222 ක් සහ විද්‍යුත් දුම්වැටි 15 ක් ද සඟවා ගෙන තිබියදී සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් බවයි සඳහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








