නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අනුව මිය යන විට ඔහු 64 වැනි වියේ පසු වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ටික කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ නන්දන ගුණතිලක 1999 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, 2000 සිට 2010 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.

පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද ඔහු පත්ව තිබුණා.