ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් අතුරුදන්වී ඇත.
ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි.
ගුවන් යානය යෝග්‍යාකර්තා පළාතෙන් පිටත් වී දකුණු සුලවේසි අගනුවර වන මැකස්සාර් වෙත යමින් සිටියදී සම්බන්ධතා බිඳ වැටුණු බව සදහන් වේ.
යානය සහ යානයේ සිටි අය සෙවීම සඳහා හමුදා සහ පොලිස් ඒකක ඇතුළුව 400 ක් පමණ පිරිසක් යොදවා තිබුණද, අයහපත් කාලගුණය හේතුවෙන් එම උත්සාහයට බාධා එල්ල ව ඇති බවද වාර්තා වේ.








