ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරණ ජාලයේ සැකකරුවන් තිදෙනෙකු අද (17) පෙරවරුවේ ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ගම්පොළ දොළුව ප්‍රදේශයේදී දෙදෙනෙකු ද, ගම්පොළ මහර ප්‍රදේශයේදී එක් අයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔවුන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය, වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට ඇති බවත්, කොළඹදී මෙම මත්ද්‍රව්‍ය ඔවුන්ට ලබාදෙන බවට හෙළි වී ඇති බවයි සඳහන් වන්නේ.
ගම්පොළ අංගම්මන, තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 20 – 22 අතර පසුවන්නන් බව වැඩිදුරටත් සඳහන්.








