T-56 මැගසින් 18 ක් සහ උණ්ඩ 25 ක් ළඟ තබාගෙන සිටි ශ්රී ලංකා යුද හමුදාවේ විශ්රාමික කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (16) මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.








