විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනා ගැනීමට ඛේට පරීක්ෂාව අද සිට

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා ඛේට පරීක්ෂණ සිදු කිරීම අද (17) සිට ආරම්භ කර තිබෙනවා.

මෙම පරීක්ෂණය හරහා මත්ද්‍රව්‍ය වර්ග 12 ක පරීක්ෂා කිරීම් සිදුකල හැකි බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කර සිටියේ.