අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදසේ මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුමේ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදී මෙම විශේෂ මෙහෙයුම් පොලීසිය විසින් සිදුකර තිබුණි.
ඒ අනුව ඊයේ (16) දිනයේදී පොලීසිය විසින් පුද්ගලයින් 30,386ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 596ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුමේදී සෘජුව අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 18ක් ද වරෙන්තුකරුවන් 268 දෙනෙක්ද, විවෘත වරෙන්තුකරුවන් 184ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද බීමත් රියදුරන් 469ක්ද අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත 72ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වෙනත් වැරදි සම්බන්ධව පුද්ගලයින් 4,584ක්ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.








