ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්වෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 20වැනිදා සිට යළි ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියද එදින සිට දිනපතා ධාවනයට එක්කෙරේ.

උදය දේවී දුම්රිය ධාවනය ද ආපදා තත්ත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට පහත පරිදි සැලසුම් කර තිබේ.

මේ අතර සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළැඹෙන 19 වැනිදාආරම්භ කෙරේ.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කර ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබද ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.