පෞද්ගලික බැංකුවකින් මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව සැකකරුවන් 19ක් රිමාන්ඩ්

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව එම බැංකුවේ සේවකයකු ඇතුලු සැකකරුවන් 19 දෙනෙකු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහආරච්චි ඊයේ (16) නියෝග කළා.

පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 290 ක අස්ථානගත වීමේ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඒ බව දැන්වුවා.

පෞද්ගලික බැංකුවේ මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම බැංකුවේ සේවකයන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණයෙන් අනාවරණය වුවා.

පෞද්ගලික බැංකුවක කාඩ්පත් හා ගිණුම් සකස් කර දීම වෙනුවට අමතර ආදායමක් ලබා දෙන පවසා එම බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ තිබු මිලියන 290ක් වංචා කිරීමේ සිද්ධිය නොසලකා හැරිය නොහැකි සිදුවීමක් බව පැවසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පෙර නඩු දිනයේදි සැකකරුවන්ට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කළා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට නීතිඥවරුන් කළ ඉල්ලීමකට අදාලව කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ මේ වගේ කාලයක බැංකුවක සිදුවන මෙවැනි සිදුවීම් නොසලකා හැරිය බවත් බැංකුවක තිබෙන මුදල් මෙලස සුරක්ෂිත භාවයක් නොතිබීම ප්‍රශ්නගත බවයි.

ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිශ්චිත කාලයක් ලබා දෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එහි විමර්ශන කටයුතු කඩිනම් කර අවසන් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් ජනවාරි 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.