දිවයින පුරා විසිර සිටින සියලු ගොවීන්ගේ විස්තර එකම ස්ථානයකින් ලබා ගත හැකි, FarmerNet.lk ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළිදැක්වීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ගොවිජන මන්දිරයේදී සිදු කර තිබෙනවා.
දත්ත හිඟය, තීරණ ගැනීමේ අපහසුව සහ සම්පත් නාස්තිය යන ප්‍රධාන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති මෙම ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළිදැක්වීම තුළින් ගොවි ප්‍රජාවට සිය කාර්යයන් වඩා පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවන බවත්, එමෙන්ම කෘෂි නිලධාරීන්ට ගොවි ප්‍රජාව වෙත පහසුවෙන් අවශ්‍ය සේවාවන් සැලසීමට අවස්ථාව සැලසෙන බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව, එහි එක් පියවරක් ලෙස මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








