ඊයේ බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කර තිබෙනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

ඊයේ (16) බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක පවසනවා.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ එහි ‘D’ අංශයේ වහලය මතට නැගී බන්ධනාගාර පරිපාලනයට විරුද්ධව විරෝධතාවක නිරත වී තිබුණා.

එහිදී ඔවුන් කලහකාරී ලෙස හැසි‍රෙමින් දේපොළවලට ද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.