වසර 53 කට අධික කාලයක් පුරා තරඟකාරී මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ මෙරට සෞඛ්‍ය සේවාවට සැපයීම හා ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ දී ප්රමුඛ භූමිකාවක් ඉටු කරන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka – SPC) 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
SPC විසින් නිකුත් කළ 2025 වසරේ ප්‍රගති සංක්ෂිප්ත වාර්තාවට අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 දී ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 173% ක වර්ධනයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඉතිහාසයේ පළමු වතාවට DHS supplies සැපයුම් සඳහා ඉන්ඩෙන්ට් නිකුත් කිරීම හරහා 2025 වසර සඳහා වාර්ෂික අරමුදල් වෙන්කිරීමෙන් 100% ක උපයෝජනයක් ලබා ගැනීමට SPC සමත් වී ඇත. එමෙන්ම ජීවනී නිෂ්පාදන (ORS) නිෂ්පාදනය 36% කින් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරට සාපේක්ෂව එම නිෂ්පාදනවල අලෙවි ආදායම 26% කින් වර්ධනය වී ඇත.
තවද 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ඔසුසල ආදායම 09% කින් වර්ධනය වී ඇති අතර, කිරිබත්ගොඩ, නාරාහේන්පිට, කෑගල්ල, කල්මුනේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 05 ක් ආරම්භ කිරීමත්, අඛණ්ඩ කාර්ය සාධන වැඩිදියුණු කිරීම්ත් හේතුවෙන් බොහෝ අලෙවිසැල් ලාභදායී වී ඇති බව ද SPC පෙන්වා දෙයි.








