ආණ්ඩු­වට අභි­යෝග කළ හැකි ප්‍රධාන විප­ක්ෂය අපි

සමගි ජන බල­වේ­ගයේ කෘත්‍යා­ධි­කාරි මණ්ඩල රැස්වී­මේදී මොකද වුණේ?

“එදි­නෙදා දේශ­පා­ල­නය තමයි කතා කළේ. ඒ හැරෙ­න්නට ඉදි­රිය ගැනත් කතා කළා. එළ­ඹෙන පළාත් සභා මැති­ව­ර­ණ­යට සවි­මත්ව මුහු­ණ­දී­මට සූදා­න­ම්වී­මක් විදි­ය­ටත් හඳු­න්වන්න පුළු­වන්. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පව­ත්වන ඉදිරි සාකච්ඡා පිළි­බ­ඳත් පුළුල්ව සාක­ච්ඡා­වට ගැනුණා. ඒ මිසක කිසිම ගැට­ලු­වක් නෑ. ප්‍රධාන විප­ක්ෂය විදි­යට අපි ඉතා සවි­මත්.”

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණය ගැනත් ඔබ පැව­සුවා?

“ඔව්. ආණ්ඩුව දිගින් දිග­ටම ඡන්දය පිළි­බඳ මහ­ජන අයි­ති­යට පිටු­පා­න­වානේ. අපි දිගින් දිග­ටම පළාත් සභා මැති­ව­ර­ණය ඉල්ලා සිටි­නවා.”

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීම ගැන වැඩි­දු­ර­ටත් යමක් කියන්න ඇති?

“ඒ පිළි­බඳ නාය­ක­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් යුතුව තව­දු­ර­ටත් සාකච්ඡා කෙරෙ­නවා. ඓති­හා­සික තීන්දු­ව­කට ළඟ­දීම එළ­ඹෙන්න පුළු­වන් වෙයි කියලා විශ්වාස කර­නවා.”

ආණ්ඩු­වෙන් කඩි­නම් සංව­ර්ධන ව්‍යාපෘති, වැඩ­පි­ළි­වෙළ රැසක් ක්‍රියා­ත්ම­කයි. ඒ ගැන ඔබට යම් අද­හ­සක් ඇති?

“රී බිල්ඩින් ශ්‍රී ලංකා ඇර­ඹුවා කියලා ඊයේ පෙරේ­දාත් කතා වුණා. ඒ වචන ටික හරි ලස්ස­නයි. ඒත් ඒ වගේ වැඩක් ගැන ගැට­ලු­ස­හ­ග­තයි. අව­තැන් වූ අයට ආහාර සලා­ක­ය­ක්වත් දෙන්න තවම හරි වැඩ­පි­ළි­වෙ­ළක් නැති බව මගේ හැඟී­මයි. අඩුම තරමේ සුළි කුණා­ටු­වෙන් අනාථ වුණු පිරි­සට මුලින් නොවැ­ර­දීම අවශ්‍ය ආහාර සලා­කය දෙන්න ඕනෑ. ඊට එහා දෙයක් ගැන කතා කරන්න පුළු­වන් එවි­ටයි. අව­තැන් ජන­තා­වට වාස­ස්ථාන ඕනෑ. ඒ ගැන ආණ්ඩුවේ නිසි අව­ධා­නය මදි. ඒ වගේම, ක්ලීන් ශ්‍රී ලංකා, කියලා කානු ටිකක් සුද්ද කළා. නගර පිරි­සුදු කරන වැඩ වග­ය­කුත් කළා. වී ගබ­ඩාත් සුද්ද කළා, හැබැයි වී ගබ­ඩා­වල වී ටික ගැන ගැට­ලු­වක් තියෙ­නවා. රට ක්ලීන් කරන්න කලින් ආණ්ඩුව ඇතු­ළත අය සුද්ද කරන්න ඕනෑ. ගල් අඟුරු හොරු සිටි­නවා. ඒ හැරෙ­න්නට ටෙන්ඩර් හොරු, අධ්‍යා­පන හොරු ආදීන් ඉන්න බව පේනවා. රටේ මවු­පි­ය­ව­රුන් දරු­වන්ගේ අනා­ග­තය ගැන කල්පනා කර­නවා.”

විප­ක්ෂය විදි­යට විදෙස් සංචා­ර­වල යෙදෙ­මින් රටට ගෙනා දේ ගැනත් කිය­මුද?

“විදෙස් ආධාර, ප්‍රදාන වැඩි­පු­රම රටට ගෙනාවේ අපියි. එදා රට ගොඩ­නැඟූ පක්ෂ­යක්. අද­ටත් ඒක එහෙ­ම­මයි. රට ධනා­ත්මක තැන­කට ගෙන ඒමට කට­යුතු කළා. අපි IMFගිවි­සුම සමා­ලෝ­ච­න­ය­ටත් කට­යුතු කරන විටදී සම­හරු අපට සම­ච්චල් කළා. ඉකුත්දා දිට්වා විනා­ශය හමු­වේත් අපි ඒ යෝජ­නා­වම ගෙනා­වත් ආණ්ඩු­වෙන් ඊට අව­ධා­න­යක් යොමු කර නැහැ. ඒත්, අනෙත් පක්ෂ එහෙම නෙවෙ­යිනේ. සුනා­මිය අව­ස්ථා­වේ­දීත් මෙර­ටට බොහෝ සෙයින් ආධාර ලැබුණා. ඊට සාපේ­ක්ෂව ඉතා අඩු ආධාර උප­කාර ප්‍රමා­ණ­යක් තමයි මෙවර ලැබුණේ.”

රජයේ නිල­ධා­රීන්ගේ වැටුප් වැඩි කිරීම් පිළි­බඳ අද­හස කුමක්ද?

“ඇත්ත­ටම එහෙම දෙයක් වෙලා තියෙ­න­වාද? මම රාජ්‍ය පරි­පා­ලන ඇමැ­ති­ව­රයා විදි­යට, රාජ්‍ය නිල­ධා­රීන්ගේ මූලික වැටුප් අඩුම තර­මින් 107%කින් වැඩි කළා. ඒ අතින් ආණ්ඩුව කළ හරි­හ­මන් දෙයක් නැහැ. රජයේ පහ­ළම සේව­ක­යන්ට ආණ්ඩුවේ වැටුප් වැඩි කිරී­මෙන් සෙතක් නෑ. රුපි­යල් පන්ද­හ­සක්, හය­ද­හ­සක් වැඩි වුණා කියලා එයින් වන ලොකු දෙයක් නැහැනේ. ගුරු­ව­රුන් මහ­ම­ඟට බැහැලා, සුබෝ­ධනී වාර්තා­වට අනුව වැටුප් සකස් කර­න්නැයි කියන ඉල්ලී­මට ආණ්ඩුවේ කන්දී­මක් නැහැ.”

ජීවන විය­දම පහත හෙළීම ජන­තාව කව­දත් බලා­පො­රොත්තු වන දෙයක්?

“ඒක හරි. ඒත්, ඒක අද වෙලා නැහැනේ. ඩොල­රය එක තැන තියා­ග­න්නවා කිවුවා. ඛනිජ තෙල් විය­ද­ම­ටත් අඩු­වෙන් දෙන්නයි උදම් ඇනු‍වේ. විදුලි, ජල බිල් අඩු කර­නවා කිවුවා. අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­වල වැට් බදු අඩු කිරීම් ආදී කතා ඇත්ත වුණේ නැහැනේ. ඒ වෙනු­වට දැන් කරන්නේ වෙනස් දෙයක්. අඩු කර­නවා කිවුව දේවල් තවම නෑ. මේවා විස­ඳන්න ඕනෑ.”

ගම්බද සංව­ර්ධ­නය ගැන කොහො­මද?

“මොන­රා­ගල කියන්නේ, ගොවි ජන­තාව බහු­ලව ජීව­ත්වෙන ප්‍රදේ­ශ­යක්. අද ඒ අය අස­රණ වෙලා. උක් කර්මා­න්තය කඩා වටිලා. සීනි කර්මා­න්ත­ශාලා ගොඩ­ගන්න ඕනෑ. ගොවීන් පොහොර සහ­නා­ධා­රය නැතුව ළතැ­වෙ­නවා. ගැමි­යන්ගේ අත­මිට හිඟයි. නග­රයේ පොළ පාළු­වට ගිහින්. මිනි­සුන්ට පොළට ඇවිත් අත්‍ය­වශ්‍ය දේ ගන්න තර­ම්වත් ආදා­ය­මක් නැහැ. ඒ ගම්මු අනුන්ට අත පෑ අය නොවෙයි. ගොවි­තැ­නට බීජ, පොහොර ටික ලැබුණා නම් ඒ ඇති. ඒ ටික දෙන්න කිය­ලයි ගම්මු අපෙන් ඉල්ලන්නේ. ආණ්ඩු­වෙන් ඒවා ඉටු නොවන බව ඒ අයට දැන් පැහැ­දි­ලියි.

ඒ වගේම, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය තව සිදු­විය යුතුයි. අපි ආරම්භ කළ සංව­ර්ධන වැඩ නැව­තිලා. මහා මාර්ග සංව­ර්ධ­නය එක තැන. වාරි සංව­ර්ධන කට­යු­තු­වල ප්‍රග­තිය ගැට­ලු­වක්. මොන­රා­ගල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යක් ඉදි­කි­රීමේ කට­යු­තුත් සිදු­විය යුතුයි. ඒත්, මාලි­මාවේ මන්ත්‍රී­ව­රුන් ඉන්න­වාද නැද්ද කියන තත්ව­ය­කට පත්වෙලා.”

ඔබලා රට හදන ඉදිරි වැඩ­පි­ළි­වෙළ ගැනත් කිය­මුද?

“ඒක විවි­ධා­කා­රයි. අපේ සංවි­ධාන ජාල­යට තරුණ ජවය බහු­ලව යොදවා තිබෙ­නවා. රට­පුරා සමගි වනිතා සංවි­ධා­නය දැන් බොහොම ශක්ති­මත්. වෘත්තීය සමිති ජාල­යත් එසේ­මයි. සමගි බුද්ධි මණ්ඩ­පය හරහා විද්ව­තුන් පෙළ­ගැසී සිටි­නවා. විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්, ගුරු­ව­රුන්, රාජ්‍ය නිල­ධා­රීන් ආදී සිය­ල්ලන් එක්කම දැන් අපි ඉදිරි මැති­ව­ර­ණ­ව­ලට හොඳ සූදා­න­ම­කින් සිටින්නේ.”

අප­රාධ මර්ද­නය ජනතා අපේ­ක්ෂා­වක්. ඒ අතින් ප්‍රග­තිය කොහො­මද?

“මාධ්‍ය සංද­ර්ශන ඉහ­ළයි. ඒ මිසෙක ඇත්ත­ටම බැලු­වාම දෙයක් නැහැ. අපේ කාලයේ ඇල්ලූ මත්කුඩු ප්‍රමා­ණ­ය­මයි අල්ලන්නේ. ඊට වඩා අල්ලලා පෙන්ව­න්නැයි මම ආණ්ඩු­වට අභි­යෝග කර­නවා. අපේ කාල­යට වඩා සමාජ භීති­කාව වැඩි­වෙලා තියෙ­නවා. එදාට වඩා අද මහ­ම­ඟදී වෙඩි තබා ඝාත­නය කිරීම් ඉහ­ළයි. මිනී­මැ­රීම් වැඩි­වීම ගැන ජවිපෙ ප්‍රමුඛ මේ ආණ්ඩු­වට උත්තර නැහැ. විදෙස් රට­වල සැඟවී සිටි­මින් අප­රාධ කළ අයව මෙහේ ගෙනාවා කියලා ආණ්ඩුව ලොකු සංද­ර්ශ­න­යක් කළානේ. එච්ච­රයි. ඒවා­යෙන් ලැබූ ප්‍රති­ඵල මොන­වාද කියලා අපි ආණ්ඩු­වෙන් අහ­නවා.”

තව­දු­ර­ටත් විස්තර කර­මුද?

“අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ශක්ති­මත් කරන්න ඕනෑ. විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් පත්කි­රී­මේදී ජ්‍යෙෂ්ඨ­ත්ව­යට ඉඩ දිය යුතුයි. විග­ණ­කා­ධි­ප­ති­ව­රයා මෙරට රාජ්‍ය තන්ත්‍රයේ වැරදි, අඩු­පාඩු පෙන්වා දෙන්නෙක්. එය ස්වාධීන තන­තු­රක්. ආණ්ඩුව රාජ්‍ය ආය­තන හැම තැන­ක­ටම පත්කර තිබෙන පත්වීම් පිළි­බ­ඳව මත­භේ­දා­ත්මක තැන් තිබෙ­නවා. මුදල් අමාත්‍යං­ශයේ ලේකම් සහ ස්වාධීන කොමි­ෂන් සභා­ව­ලට අද පත්කර තිබෙන පිරිස් පිළි­බ­ඳ­වද ගැට­ලු­ස­හ­ගත තැන් තිබෙ­නවා. අනෙක, ඉති­හා­සයේ පෙර නොවූ විරූ අයු­රින් ආර­ක්ෂා­වත්, මහ­ජන ආර­ක්ෂාව විෂ­ය­ය­න්ටත් වෘත්තීය­මය හැකි­යා­වන් ඉක්මවා වෙනත් හේතු අනු­වයි පත්වීම් කර තිබෙන්නේ.

සමගි ජන බල­වේ­ගය විදි­යට දූෂණ විරෝධී පනත පෞද්ග­ලික මන්ත්‍රී යෝජ­නා­වක් විදි­යට ගෙනාවේ මමයි. එයින් බලා­පො­රොත්තු වුණේ සොර­කම, දූෂ­ණය පිටු­දැ­කී­මයි. ඒත් දැන් අවු­රුදු එක­හ­මා­රක් ගත වුණත් ආණ්ඩු­වට තවම ඒ අතින් හරි­හැටි ක්‍රියා­මා­ර්ග­යක් ගන්න පුළු­වන් වෙලා නැහැ. පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශන කඩි­නම් කර­මින් වර­ද­ක­රු­වන්ට දඬු­වම් කිරී­මට පෙල­ඹ­වී­මට ආණ්ඩුව බල­යට එන්න කලින් හුඟක් පොරොන්දු දුන්නා. ඒත් ඒවා ඉටු­වෙලා නැහැ. කතා­වට දක්ෂ ආණ්ඩු­වක්. ජන­මා­ධ්‍ය­වේ­දීන් ඝාත­නය කිරී­මට අදාළ සිද්ධි උලුප්පා දැක්වූ­වත් ඊට සාධා­ර­ණ­යක් ඉටු කර නෑ. මම ඉල්ලා සිටි­නවා ජන­මා­ධ්‍ය­වේ­දීන් ඝාතන පිළි­බ­ඳව විම­ර්ශන ඉක්මන් කරන්න කියලා’”

ඔබ කියන විදි­යට කට­යුතු කරන්නේ කව­දාද?

“ඒකට ආණ්ඩුව එක ඡන්ද­යක් පැවැ­ත්වීම ප්‍රමා­ණ­වත්. එදා­යින් පස්සේ අපි කියන විදි­යට කරලා පෙන්ව­නවා.”

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම