ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ යටතේ, මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කර සිටියේ.