පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
එම පිරිස අතර රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තාද, ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී වංචා රැසකට සම්බන්ධව සිටි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට පොලිසියට අවශ්‍යව සිටින සැකකාරියක බවද පොලීසිය පවසා සිටියා.
මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








