පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවමක් නියම කර තිබේ.
මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්රීනාත් ගුණසේකර මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
අදාළ පොලිස් පරීක්ෂකවරයා 2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේ සේවය කරන අතරවාරයේ මෙසේ පුද්ගලයාට පහර දී තුවල සිදු කර තිබුණි.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වේ.
අදාළ පුද්ගලයාට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කර ඇත.








