ඉකුත් 30 වැනිදා රාත්රියේ කොහුවල, බෝධියවත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියකට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන, කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන, කොළඹ 09 හා කොළඹ 12 ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
මෙම සිද්ධියට අදාළව මීට පෙර ද තවත් සැකකරුවන් 05 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.








