සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු – අගමැතිනිය

මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න තෛපොංගල් උත්සවය ලොවට පසක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක් අභිමුව බවත්, ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය ‘පුනරුද යුගයක්’ කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතු වන බවත්, අභියෝග මධ්‍යයේ වුව ද, රජයක් ලෙස එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇති බවයි තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරිය සඳහන් කරන්නේ.

සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මඟ පෙන්වීමක් බඳු බව ද අගමැතිවරිය පෙන්වා දෙනවා.

එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක් ව අධිෂ්ඨාන කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images