කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයට හැකි වූණා.

එහිදී කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රීසා සාරුක් කියා සිටියේ මෙම කාරක සභාවේ බලය විපක්ෂයට හිමි වුවත් ජනතාව වෙනුවෙන් සිදුකරන සංවර්ධන ක්‍රියාවලදී ඊට සහය ලබාදෙන බවයි.

ඊයේ පැවති මාසික මහ සභා රැස්වීමේදීයි ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය හිමිකරගෙන තිබුණා.

එහිදී මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙකුම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පත් වුණා.