අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








