සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යයකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමට ද ආරාධනා කෙරෙන අවස්ථාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්රයත්නයට අපි එක්ව උර දී සිටින බවත්, එම පිළිවෙළ සමඟ තව තවත් ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටින බවයි තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.









