අය-වැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ජන­වාරි වැටු­පට

රජය ඉදි­රි­පත් කළ රාජ්‍ය සේවක වැටුප් වර්ධ­ක­යෙන් 35%ක් මෙවර වැඩි­කර ඇත. එය මෙම මස වැටු­පට එක් කෙරෙන බව රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබ­ය­රත්න මහතා පැව­සීය.

අය-වැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීම ද ලබන ජූනි මාසයේ සිට ක්‍රියා­ත්මක වීමට නිය­මිත බව ද අමා­ත්‍ය­ව­රයා කීය. 2026 අය-වැය යෝජනා අනුව, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝ­ධ­නයේ දෙවැනි අදි­යර මෙලෙස ක්‍රියා­ත්මක කෙරේ. ඒ සඳහා රු. බිලි­යන 110ක ප්‍රති­පා­දන වෙන්කර ඇත. මෙය 2025 දී ආරම්භ වූ වැටුප් සංශෝ­ධ­නයේ දිගු­වකි. සිය­ලුම රාජ්‍ය සේව­ක­යන්ට 2026 ජන­වාරි මාසයේ වැටුපේ සිට මෙම වැඩි වීම් හිමි වන බව අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

මෙම යෝජනා 2025 නොවැ­ම්බර් 7 වැනි දින ඉදි­රි­පත් කරන ලද 2026 අය-වැය යෝජනා අතර විය. රාජ්‍ය අංශයේ අවම වැටුප රුපි­යල් 40,000 දක්වා වැඩි කිරී­මට මෙම­ඟින් යෝජනා වූ අතර 2027 ජන­වාරි මාසයේ වැටුප් වර්ධ­කයේ ඉතිරි කොටස ගෙවී­මට නිය­මි­තය. විශ්‍රාම වැටුප් සංශෝ­ධන දෙවැනි අදි­ය­රේදී 2020ට පෙර විශ්‍රාම ලැබූ­වන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ විශ්‍රාම වැටුප් ව්‍යූහය මත පද­නම්ව සංශෝ­ධ­නය කෙරේ. මෙම සංශෝ­ධිත වැටුප 2026 ජූනි මාසයේ සිට ගෙවීම සඳහා රුපි­යල් මිලි­යන 20,000ක මුද­ලක් අය-වැය යෝජනා මඟින් වෙන්කර තිබේ.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ