ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් අවසන් වීමට පෙර පවත්වන්න – ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2026 අප්‍රේල් මස අවසන් වීමට පෙර පවත්වා අවසන් කරන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව, මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලද විශේෂ අධිකරණ විගණනය අප්‍රේල් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.