නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, දුම්වැටි 2,400 ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ ඉන්දීය ජාතික පුද්ගලයෙක් වන අතර, පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.