පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබුණු ගංවතුර ඇතිවීමේ අවදානම මේ වන විට පහව ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මීට පෙර නිකුත් කර තිබුණු “ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම” වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ගංවතුර අවදානම පහව ගිය ද, දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වයන් සහ ගංගාවල ජල මට්ටම් කෙරෙහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසු වන බවත්, ඉදිරියේදී යම් හෙයකින් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතු වුවහොත්, ඒ පිළිබඳව මහජනතාව කල්තියා දැනුවත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.









