ඩෙංගු අවදානම ඉහළට

ආපදා පැවැති ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කද ඒ අතර වන බවයි එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.

වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 2170 දෙනෙකු වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41 ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.